බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් අයෙක් අත්අඩංගුවට

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් අයෙක් අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ඇතුලු පුද්ගලයින් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු ගාල්ල, දොඩන්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු දොඩන්දූව, කටුදම්පේ, වැල්ලංගොඩවත්ත, අංක 143 ලිපිනයේ පදිංචි 52 හැවිරිදි තැනැත්තෙකි.

සැකකරුට අයත් බැංකු ගිණුමක් හරහා මෙම ඝාතන සිද්ධියට අදාල මුදල් ගණුදෙනු සිදුකර ඇති බවට සැකපිට මොහු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා බෙලිඅත්ත පොලිසියට බාර දී තිබේ.