නෙත්තමළුව කඳු රක්ෂිතයේ ගින්නක්

නෙත්තමළුව කඳු රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය, නෙත්තමළුව කඳු රක්ෂිතයේ ඊයේ (27) පස්වරුවේ විශාල ගින්නක් හටගෙන තිබේ.

එම ගින්න ඊයේ රාත්‍රී කාලය පුරාවටම කඳු රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර 20 කට වඩා ගිනිගෙන විනාශ වී ඇති බව සඳහන්.

ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිරගොස් ඇති අතර එම ගින්න අද (28) අලුයම වන විට පාලනය වී තිබෙන බවයි, වාර්තා වන්නේ.

එහෙත් තැනින් තැන තවමත් ගිනිගැනීම් දක්නට ලැබෙන බව සඳහන්.

ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදු ව ඇත.