නාඋල අනතුරකින් දෙදෙනෙකු මරුට

නාඋල අනතුරකින් දෙදෙනෙකු මරුට

මහනුවර – යාපනය ප්‍රධාන මාර්ගයේ නාඋල – අරංගල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පොලීසිය පැවසුවේ, මාතලේ සිට දඹුල්ල දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් දඹුල්ල දෙසින් පැමිණි කාර් රථයක ගැටී අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරින් පසු ත්‍රීරෝද රථය ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ත්‍රීරෝද රථයේ ගමන් කළ 76 හැවිරිදි කාන්තාවක් සහ 64 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ සිටි තවත් කන්තාවක් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධියට අදාළව මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.