පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන අභාවප්‍රාප්ත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (04) අළුයම ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මියයන විට ඒ මහතා 70 වන වියේ පසුවුණි.

2020 වසරේදී ඔහු පළමු වරට මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ අභාවයෙන්, පුරප්පාඩුවන මන්ත්‍රී ධුරය සඳහා එම්.ජී.වීරසේන පත්වීමට නියමිතව තිබේ.

මනාප ඡන්ද 38241ක් ලබාගෙන දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ එම්.ජී.වීරසේන මහතායි.