රෑට දඩ ගෙවන්න ඇරලා තියෙන තැපැල් හල් මෙන්න

රෑට දඩ ගෙවන්න ඇරලා තියෙන තැපැල් හල් මෙන්න

රාත්‍රී කාලයේදී රථවාහන දඩ පත් ගෙවීම සඳහා දිවයින පුරා පිහිටි රාත්‍රී සේවා සහිත තැපැල් කාර්යාල මගින් පහසුකම් ලබා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, රථ වාහන දඩ පත්‍රිකා රාත්‍රී කාලයේදී ගෙවීමට පහසුකම් සලසා ඇති තැපැල් කාර්යාල ලේඛනය තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත්කුමාර මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

මීට පෙර තෝරා ගත් තැපැල් කාර්යාල මගින් පමණක් රාත්‍රී කාලයේ දඩ පත්‍රිකා ගෙවීමට හැකියාව ලැබී තිබූ අතර මේ වන විට දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 37 කින් එම පහසුකම් ලබා ගත හැකියි.

පසුගිය 18 වනදා සිට එම සේවා ක්‍රියාත්මකයි.

රජයේ නිවාඩු දින, සෙනසුරාදා සහ ඉරිදා දිනයන්වල රාත්‍රි කාලයේ දඩ පත්‍රිකා බාර ගැනීම සිදු නොකරන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.