මුෂාරෆ් පක්ෂයෙන් නෙරපීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

මුෂාරෆ් පක්ෂයෙන් නෙරපීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් මහතාව එම පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

තමන්ව පක්ෂයෙන් නෙරපීමට එරෙහිව මුෂාරෆ් මන්ත්‍රීවරයා විසින් ගොනු කළ පෙත්සමක තීන්දුව ලබාදෙමින් ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කරනු ලැබීය.