බෑනාගේ තියුණු ආයුධ පහරින් මාමණ්ඩිය මරුට

බෑනාගේ තියුණු ආයුධ පහරින් මාමණ්ඩිය මරුට

ඊයේ (09) සවස් කාලයේ මීගමුව, මංකුලිය ප්‍රදේශයේදී බෑනා විසින් තියුණු ආයුධයකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, මංකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙක් එම පහරදීමෙන් මියගොස් ඇති බවයි.

මරණකරු තම දියණිය සමග ඇතිවූ ආරවුලකදී දියණියගේ ස්වාමිපුරුෂයාද ඊට සම්බන්ධ වී තිබුණි.

එහිදී එම ආරවුල දුරදිග යාම හේතුවෙන් දියණියගේ ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඝාතනය සිදුකළ බෑනා අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.