වෙළඳසැලක් තුළදී කාන්තාවක් ගෙළ කපා ඝාතනය කෙරේ

වෙළඳසැලක් තුළදී කාන්තාවක් ගෙළ කපා ඝාතනය කෙරේ

ඌරගස්මංහන්දිය, මීගස්පිටිය ප්‍රදේශයේ ස්ටිකර් වෙළඳසැලක් තුළ තිබී ගෙළ කපා ඝාතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් අද (11) උදේ සොයාගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ, එම වෙළඳසලෙහි අයිතිකරුගේ බිරිඳ වන දුවගොඩ විතානගේ යමුනා නිරෝශිනි නැමති 41 හැවිරිදි කාන්තාවකි.

පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති අතර සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

ඇය සිය ස්වාමිපුරුෂයා සමග මෙම වෙළඳසලේ ජීවත්ව සිට තිබේ.

 

Share This