මුලතිව් සමූහ මිනී වල ගැන අධිකරණයට විශේෂ අනාවරණයක්

මුලතිව් සමූහ මිනී වල ගැන අධිකරණයට විශේෂ අනාවරණයක්

මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වලෙන් හමු වී ඇති මිනිස් ඇටසැකිළි මීට වසර විස්සකට වඩා පැරැණි මිනිස් ඇටසැකිලි බව පුරාවිද්‍යා නිලධාරීන් හා මුලතිව් රෝහලේ වෛද්‍යවරු මුලතිව් අධිකරණය වෙත ඊයේ ( 22) දා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියහ.

කොක්කුතුඩුවායී සමූහ මිනී වළ සම්බන්ධයෙන් වූ නඩු විභාගය මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් ඉදිරියේ පැවති අවස්ථවේදී එම නිලධාරීන් මෙතෙක් සිදු කළ පරීක්ෂණ විස්තර කරමින් අධිකරණයට මේ බව කියා සිටියහ.

සිදු කළ පරීක්ෂණවලට අනුව මෙම මිනිස් ඇටසැකිලි 1994 සිට1996 දක්වා කාලයට අයත් බව ජෙයෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ වාර්තාවේ සඳහන් වන බවද නීතිඥ වී.කේ.නිරංජන් අධිකරණයට පැවසීය.

වෛද්‍යවරුන්ගේ වාර්තාවේ මිනිස් සිරුරු වල වයස, බර, ස්ත්‍රී පුරුෂභාවය මරණයට හේතුව ආදී කරුණු සඳහන් කර නොමැති බවද නීතිඥවරයා පැවසීය.

කොකුතුඩුවායී සමූහ මිනී වළේ ඉදිරි කැණීම් කටයුතු කරගෙන යාම සදහා අවශ්‍ය මුදල් නොමැතිකම නිසා දැනට වසා දමා තිබේ. එම සමූහ මිනි වළේ කැණීම් යළි ආරම්හ කිරීමට නොහැකිව ඇති බවද නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියහ.

අනතුරුව මෙම නඩුවේ මීළග විභාග කිරීම මාර්තු මස 4 වෙනිදාට මහේස්ත්‍රාත්වරයා විසීන් කල් දමනු ලැබීය.

Share This