ආරවුලක් දුර දිග යාමෙන් තරුණයෙක් මරුට

ආරවුලක් දුර දිග යාමෙන් තරුණයෙක් මරුට

මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී තුවාල ලැබූ තිදෙනෙක් රෝහලට ඇතුළත් කිරීමේ දී එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබූ දෙදෙනා කළුබෝවිල රෝහලේ ම වනවිට ප්‍රතිකාර ලබන අතර, ඝාතනය වූ පුද්ගලයාගේ මෘත ශරීරය පානදුර රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

කලක සිට පැවති ආරවුලක් මෙම පහරදීමට හේතු වී ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව මොරටුව පොලිසිය පැවසුවා.

ඊයේ (12) පස්වරුවේ මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයාගේ පුංචි අම්මා සමඟ ඝාතනයට ලක් වූ තරුණයා අනියම් සබඳතාවයක් පවත්වා ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

සැකකරු අද (13) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

Share This