වව්නියාව උපන්දින සාද ඝාතනයේ සැකකරුවන් 11 තෙක් රිමාන්ඩ්

වව්නියාව උපන්දින සාද ඝාතනයේ සැකකරුවන් 11 තෙක් රිමාන්ඩ්

වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවති නිවසකට ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන සිටි සැකකරුවන් පස් දෙනා මේ මස 11 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස වවුනියාව මහේස්ත්‍රාත් වසීම් අහමඩ් ඊයේ (02) දා නියෝග කළේය.

පසුගිය ජූලි මස 24 වෙනිදා අළුයම මැරයින් පිරිසක් අදාල නිවසට කඩා වැදී සියුම් ආයුධ වලින් කපා කොටා අඹු සැමි යුවලක් ඝාතනය කළ අතර ඔවුන් එම නිවසටද ගිනි තබා තිබුණි.

අනියම් පෙම්වතෙකු ඝාතනය කිරීම සදහා කොන්ත්‍රාත්තුවක් ලබා ගත් වවුනියාවේ මැර කණ්ඩායමක් විසින් එම ඝාතනයන් සිදු කළ අතර ඝාතනයන් සඳහා උපයෝගී කරගන්නා ලද කඩු කිණිසි පිහි ඇතුළු උපකරණ රැසක් වවුනියාවේ වැවක දමා තිබියදී සැකකරුවන් කළ පාපොච්චාරණයකට අනුව පොලිසිය විසින් ගොඩ ගෙන ඇත.

මහේස්ත්‍රාත් නියෝගය මත ඔවුන්ව බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබුණද මේ දිනවල වවුනියාව බන්ධනාගාරයේ පවතින බෝවන රෝග ව්‍යාප්තිය මත සැකකරුවන් අනුරාධපුරය බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව බන්ධනාගාර නිලධාරීහු පැවසූහ.

අදාළ නිවසට ගිනි තැබීමෙන් 23 හැවිරිදි කාන්තාවක් එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්වු අතර, පිළිස්සුම් තුවාල ලැබු ඇයගේ සැමියා වන 35 හැවිරිදි සුගන්දන් නමැති පුද්ගලයෙකු පසුගිය 26 වනදා වව්නියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වු බවයි, පොලීසිය පැවසූවේ.

සැකකරුවන් උපන්දින සාදයක් පැවැත්වු නිවසට පැමිණ නිවැසියන්ට කැපුම් තුවාල සිදුකොට, ඔවුන් නිවස තුළට ගිය අවස්ථාවේදී නිවසට ගිනිතබා තිබුණි.

සිද්ධියෙන් තුවාල ලැබු වයස අවුරදු 02ක පිරිමි දරුවෙකු, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙකු, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයකු වවුනියාව රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවද පොලීසිය පැවසීය.

Share This