මතට ඇබ්බැහි වූ පුතා පියා එල්ල කළ මිටි පහරින් මරුට

මතට ඇබ්බැහි වූ පුතා පියා එල්ල කළ මිටි පහරින් මරුට

කුඹුක්ගැටේ පොලිස් වසමේ, වෙල්ගාල, නෙල්ලිය ප්‍රදේශයේ නිවසකදී පියා විසින් තම පුතුට මිටියකින් පහර දී ඝාතනය කරනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 30ක් වූ වෙල්ගාල, නෙල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය පවසන්නේ, මියගිය තැනැත්තා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බව ත් මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා නිරන්තරව ම පියාගෙන් මුදල් ඉල්ලා සිට ඇති බව ත් ය.

විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ, අපරාධය සිදුවන අවස්ථාවේදී ද ඔහු මුදල් ඉල්ලා සිය පියා සමග ආරවුලක් ඇති කර ගෙන ඇති බව ත් ඒ අතරතුර පියා නිවසේ තිබූ මිටියකින් ඔහුගේ හිසට පහර දී ඇති බව ත් ය.

මෘත ශරීරිය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කුරුණෑගල රෝහලේ, මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ .

ඝාතනය සිදුකළ සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර කුඹුක්ගැටේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසීය.