ගම්පහ නිවසක් තුළ ඝාතනය කළ කාන්තා මළ සිරුරක්

ගම්පහ නිවසක් තුළ ඝාතනය කළ කාන්තා මළ සිරුරක්

ගම්පහ, බැන්ඩියමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ අත් පා ගැටගසා කාන්තාවක් ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ, එම නිවසසේ පදිංචි ව සිටි 81 හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තාව ඊයේ (05) උදෑසන කාලයේ නිවස ආසන්නයේ පිහිටි විහාරස්ථානයකට ගොස් ආගමික වතාවත් සිදුකර යළි නිවසට පැමිණ ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පොලීසිය සැක පළ කරන්නේ ඊයේ දහවල් කාලයේ නිවසට ඇතුළු වී කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙක් මෙම කාන්තාව ඝාතනය කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Share This