MTFE ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්

MTFE ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්

MTFE SL Group ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීමේ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ ආයතනයේ ක්‍රියාකාරකම් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම යටතට වැටෙන බවට විශ්වාස කළ හැකි කරුණු අනාවරණ වෙමින් පවතින බවයි මහ බැංකුව පැවසුවේ.

මේ අතර සෘජුව හෝ වක්‍රව පිරමීඩ යෝජනා ක්‍රමවල නිරත වීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා මහබැංකුව විශේෂ දැනුම් දීමක් සිදුකරනවා.

පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන වංචාකරුවන් පිළිබඳ විමර්ශනය කෙරෙමින් පවතින බවයි මහබැංකුව පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව තුළ පිරමිඩ යෝජනා ක්‍රම නීතිවිරෝධී බවද එහි සඳහන්.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමිඩ යෝජනා ක්‍රම 08ක් පිළිබඳව මාධ්‍යයන් ඔස්සේ මේවන විටත් මහජනතාව දැනුවත් කර තිබෙනවා.

Tiens Lanka Health Care (Pvt) Ltd.

Best Life Inte ational (Pvt) Ltd.

Global Lifestyle Lanka (Pvt) Ltd.

Mark-Wo Inte ational (Pvt) Ltd.

V M L Inte ational (Pvt) Ltd.

Fast 3Cycle Inte ational (Pvt) Ltd (F3C)

Sport Chain App, Sports Chain ZS Society Sri Lanka

OnmaxDT

කෙසේ නමුත් එම ලැයිස්තුවේ දැනට ක්‍රියාත්මක සියලුම පිරමිඩ යෝජනා ක්‍රම අඩංගු නොවිය හැකි බැවින් වෙනත් පිරමිඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන වංචාකරුවන් තවත් සිටිය හැකි බැවින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඒවා පිළිබඳ විමර්ශනය කරමින් සිටින බවයි පවසන්නේ.

ප්‍රකට ක්‍රීඩා, ආගමික සහ විනෝදාස්වාදජනක අවස්ථා සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම මගින් ඔවුන් යහපත් පුද්ගලයන් සේ සමාජයේ පෙනී සිටීමට උත්සහ ගන්නා බව ද මහබැංකුව සඳහන් කරනවා.

පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගි වීම දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් ඉන් වැළකී සිටින ලෙස ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙනවා.