පාපැදි තරඟයට පුහුණු වෙමින් සිටි පාසල් සිසුවා බසයට බිලි

පාපැදි තරඟයට පුහුණු වෙමින් සිටි පාසල් සිසුවා බසයට බිලි

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වල්පිට ප්‍රදේශයේදී පාපැදි තරගයක් සඳහා පුහුණු වෙමින් සිටි පාසැල් සිසුවෙකු බස් රථයක හැපී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.

මෙම සිසුවා ඊයේ (10) කොටදෙනියාව දක්වා පාපැදි තරගයට පුහුණු වෙමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පුද්ගලික බස් රථයක හැපී බරපතළ තුවාල ලබා ඇත.

බරපතල තුවාල ලැබූ සිසුවා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

Share This