මොරොන්තුඩුවේ මනුෂ්‍ය ඝාතනයක්

මොරොන්තුඩුවේ මනුෂ්‍ය ඝාතනයක්

මොරොන්තුඩුව, පොල්හේන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ බණ්ඩාරගම, වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි ලසන්ත පුෂ්ප කුමාර නමති 30 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.

මියගොස් ඇති පුද්ගලයා සිය මස්සිනා සහ නැගණිය පදිංචිව සිටි මොරොන්තුඩුවේ නිවසට තවත් මිතුරන් කිහිපදෙනකු සමග පැමිණ ඇති අතර, එහිදී ඇතිවූ කතාබහකින් පසු දෙදෙනා අතර ගැටුම සිදුව ඇති බව සදහන් වේ.

මියගොස් ඇති පුද්ගලයාගේ දෙපා සහ දෑත්වලට එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාර හේතුවෙන් බරපතළ තුවාල ලබා නිවස ආසන්නයේ මාර්ගයක වැටී සිටියදී 1990 සුවසැරියෙන් ගෝනදූව ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත්, ඒ වන විටත් මියගොස් සිට ඇතැයි පොලිසිය සදහන් කරයි.

ඝාතකයාද කැපුම් තුවාල ලබා සිට පොලිසියට පැමිණ රෝහල් ගතවන බව දන්වා නාගොඩ රෝහලට ගොස් ඇතුළත්ව, පසුව සොයා බැලීමේදී ඉන් පැනගොස් ඇති බවද වාර්තාවේ.

සිද්ධිය සම්බන්ධයෙන් මොරොන්තුඩුව පොලීසිය පරීක්ෂණ සිදුකරයි.