හොර පාරෙන් ගෙන ආ ජංගම දුරකථන සහ උපාංග තොගයක් අත්අඩංගුවට

හොර පාරෙන් ගෙන ආ ජංගම දුරකථන සහ උපාංග තොගයක් අත්අඩංගුවට

තීරු බදු නොගෙවා නීති විරෝධි අයුරින් මෙරටට ගෙන්වූ ජංගම දුරකථන තොගයක් සහ උපාංග තොගයක් සැකකරුවෙක් සමග විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (07) කොළොන්නාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12 අබ්දුල් හමීඩ් මාවතේ පදිංචි 31 හැවිරිදි අයකු වේ.

වැල්ලම්පිටිය පොලිස් වසමට අයත් කොළොන්නාව, විහාර මාවතේ අංක 16/01 ලිපිනයේදී වැටලීම කර තිබූ අතර එම ස්ථානයේ තිබී විවිධ වර්ගයේ ජංගම දුරකතන පන්සීයකට අධික ප්‍රමාණයක්, ස්මාර්ට් ඔරලෝසු 10ක් සහ හෑන්ඩ්ෆ්‍රී 15ක් අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරී පිරිසක් මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් ජංගම දුරකතන හා උපාංග තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ වරායේ පිහිටි ශ්‍රි ලංකා රේගු නිවාරන කාර්යාලය වෙත භාර දී තිබේ .‍

Share This