මීගමුවේ දැරියක් අතුරුදන් – පොලිසිය මහජන සහය පතයි

මීගමුවේ දැරියක් අතුරුදන් – පොලිසිය මහජන සහය පතයි

මීගමුව පොලිස් වසමේ ලියනගේමුල්ල, සීදුව ප්‍රදේශයේ වයස අවුරුදු 17ක ගැහැණු දරුවෙක් අතුරුදන්ව තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම දැරියගේ ඡායාරූපයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

අතුරුදන්ව ඇති දැරියගේ පියා විසින් මීගමුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ ගයාත්‍රි දෙව්ශානි සූරියසිංහ නමැති පාසල් සිසුවියකි.

දැරිය පිළිබඳ තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඇය සොයාගැනීමට පොලීසිය මහජන සහාය පතයි.

අතුරුදන් දැරියගේ ඡායාරූපය ඉහතින් දක්වා ඇති අතර, ඇය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය දැනුම් දෙයි.

මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂක – 0718 591 630

මීගමුව පොලීසිය – 0312 222 227

Share This