සිව් මසක් තිස්සේ අතුරුදහන් තරුණයෙකු සොයා විමර්ශන

සිව් මසක් තිස්සේ අතුරුදහන් තරුණයෙකු සොයා විමර්ශන

හැටන් නගරයේ බස් නැවතුම්පොලේ ආහාර පාන අලෙවි කරමින් සිටි තම 21 හැවිරිදි වැඩිමහල් පුතා සිව් මසක් තිස්සේ අතුරුදහන් වි ඇති බව එම තරුණයාගේ පියා වන එම්.රවුෆ්ඩින් (48) මහතා විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

හැටන් බස් නැවතුම්පොලේ වඩේ ඇතුළු සුළු ආහාර අලෙවි කරමින් ජිවන උපාය සිදුකරගෙන යන තමන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත්, ඉන් වැඩිමහල් පුතා වන 21 හැවිරිදි ආර්.මහමුද් 2023.12.13 දින තම වෙලදාම් කටයුතු වලට උපකාර කිරිමට යන බවට නිවසට පවසා පිටව ගොස් ඇති තම පුතා මෙතෙක් ආපසු නිවසට නොපැමිණි බවත්, මේ සම්බන්ධයෙන් හැටන් පොලිසියේ CIB II 380/14 යටතේ 2023.12.15 දින පැමිණිල්ලක් කල බවත් අතුරුදහන් වු තරුණයාගේ පියා පවසයි.

තම පුතා අතුරුදහන් විම සම්බන්ධයෙන් හැටන් පොලිසිය සිදු කරන විමර්ෂණ වලට අමතරව තමන්ද තම දරුවා සොයා ඥාතින්ගේ නිවාස වලට ගිය බවත්, තම දරුවා පිලිබදව කිසිදු තොරතුරක් මේ වන තෙක් නොලැබිම සම්බන්ධයෙන් තමන් ඇතුළු පවුලේ ඥාතින් සහ ඔහුගේ මිතුරුන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවත් අතුරුදහන් වු තරුණයාගේ පියා පැවසීය.

කිසිවෙකුට කිසිදු හිරිහැරයක් නොකර තම වෙලදාම් කටයුතු සිදු කරගෙන යාමට තමන්ට සහය දැක් වු වැඩිමහල් දරුවා සොයාදෙන ලෙස එම තරුණයාගේ පියා සියළු දෙනාගෙන් ඉල්ලා සිටියි.

අතුරුදහන් වි ඇති තරුණයා සම්බන්ධයෙන් හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ අතුරුදහන් වි ඇති තරුණයා සොයා ගැනිම සදහා මේ වන විට පොලිසිය මගින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එම තරුණයා පිලිබදව තොරතුරක් වෙතොත් හැටන් පොලිසියේ 0718591117, 0512222222 , 0512222520 යන දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

Share This