ගාසා හි සරණාගත කඳවුරකට ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක් – 50 ක් මරුට

ගාසා හි සරණාගත කඳවුරකට ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක් – 50 ක් මරුට

ගාසා තීරයේ විශාලතම සරණාගත කඳවුර වන ‘ජබාලියා’ සරණාගත කඳවුරට ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

පලස්තීන සෞඛ්‍ය අංශ පැවැසුවේ, එම ප්‍රහාරයෙන් සරණාගත කඳවුරේ සිටි පලස්තීන වැසියන් 50 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.

තවත් 150 ක් පමණ තුවාල ලැබූ බවත්, ඔවුන්ට ප්‍රතිකාර ලබා දීමට පහසුකම් නොමැති බවත් සෞඛ්‍ය අංශ වැඩි දුරටත් කියා සිටියේය.

‘ජබාලියා’ සරණාගත කඳවුරට තමන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පිළිගෙන තිබේ.

ඊශ්‍රායල බුද්ධි අංශය මෙන්ම හමුදාව ද වැඩි දුරටත් නිවේදනය කළේ, පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට පහර දුන් හමාස් සටන්කාමී නායකයකු ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරය එල්ල කළ බවය.

තම ප්‍රහාරයෙන් එම හමාස් නායකයා ජීවිතක්ෂයට පත්වුණු බව ද ඊශ්‍රායල හමුදාව වැඩි දුරටත් පවසා ඇත.