මිනුවන්ගොඩ කප්පම් පාතාලය දංකොටුව දක්වා ව්‍යාප්ත වෙයි!

මිනුවන්ගොඩ කප්පම් පාතාලය දංකොටුව දක්වා ව්‍යාප්ත වෙයි!

පාර්ලිමේන්තුවේ දී විපක්ෂනායකවරයාගේ අවධානයටත් යොමුවුන මිනුවන්ගොඩ පාතාලයේ කප්පම් මෙහෙයුම් මේ වනවිට දංකොටුව ප්‍රදේශය දක්වා ව්‍යාප්ත වී ඇති අයුරු විමර්ශන අංශ හෙළි කරයි.

මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශය මුල්කරගෙන ඇති වී කාලාන්තරයක් තිස්සේ පවතින මෙම පාතාල ක්‍රියාකාරකම් වඩාත් වැඩි වේගයකින් මතුව ඇත්තේ දැනට ඩුබායිහි සැඟවී සිටින හීනටියන මහේෂ් විසින් මෙහෙයවන කල්ලියක් හේතුවෙනි.

මෙම කප්පම් කල්ලියේ බලපෑම හේතුවෙන් මේ වනවිට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කීප දෙනෙක්ම සිය ව්‍යාපාර අත්හරින මට්ටමකට පත් වී ඇතැයි වාර්තා වේ.

මේ වනවිට මෙම කල්ලිය දංකොටුව ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 05ක කප්පමක් ඉල්ලා මරණ තර්ජනය කර ඇතැයි පොලිස් විමර්ශන අංශ පවසයි.

මින් පෙර මීගමුව ව්‍යාපාරිකයෙකුගෙන් ලක්ෂ 50ක කප්පමක් ගැනීමට උත්සාහ කර ඇති බව ද එම විමර්ශන අංශ හෙළි කරයි.

එමෙන්ම කටුනායක ව්‍යාපාරිකයෙකුගෙන් කප්පමක් ඉල්ලා ලබා නුදුන් තැන ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට ටී 56 ගිනි අවියකින් වෙඩි තැබූ සිද්ධියක් ද වාර්තා වී ඇත.

මේ ආකාරයට අප්‍රකටව කප්පම් ලබා දී සිය ව්‍යාපාර කරගෙන යන පිරිසක් ද සිටින බව වාර්තා වේ.

පසුගිය දා ඇඹිලිපිටියේ දී සහ මිනුවන්ගොඩට නුදුරු මාබෝලේ දී එස්.ටී.එෆ් වෙඩි පහරින් ඝාතනය වූයේත් හීනටියන මහේෂ් සමග ගනුදෙනු කළ සැඟවුන පාතාල වෙඩික්කරුවන් බව විමර්ශන අංශ කියයි.

Share This