අමාත්‍යාංශ 10ක කළමනාකරණ වගකීම ලේකම්වරුන් වෙත

අමාත්‍යාංශ 10ක කළමනාකරණ වගකීම ලේකම්වරුන් වෙත

ප්‍රථිපල පාදක කළමනාකරණය රාජ්‍ය අංශය තුළ ආයතනගත කිරීම සඳහා රජය පියවර ගෙන තිබේ.

ව්‍යපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රේඛීය අමාත්‍යංශ සමග ඒකාබද්ධව, ඉහළ අයවැය ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරනු ලබන අමාත්‍යාංශ 10ක සහ ඒ යටතේ පවතින ආයතනවල “අමාත්‍යංශයීය ප්‍රතිඵල රාමු” සකස් කර තිබේ.

සෑම අමාත්‍යංශයකම ධූරාවලි වගකීම් සමග අනුගත වෙමින්, අදාළ ආයතනයන්හි විෂය පථයන් තුළ සංවර්ධන ඉලක්කයන් කාලීනව සාක්ෂාත් කර ගැනීම සහ අපේක්ෂිත ප්‍රතිලාභ අත්කර ගැනීම එම අමාත්‍යංශයීය ප්‍රතිඵල රාමු මගින් සහතික කරනු ඇත.

එසේම, ජනතා අවශ්‍යතාවන් කඩිනමින් ඉටු කිරීම සඳහා සිදු කරනු ලබන ආයෝජනයන්හි ඵලදායීතාව මිනුම් කළ හැකි ප්‍රතිඵල සඳහා යොමු වූ ආයතන ව්‍යුහයක් මෙමගින් ඇතිවනු ඇතැයි ද අපේක්ෂා කරන බව රජය පවසයි.

ඒ අනුව, පිළිවෙල කරනු ලැබ ඇති අමාත්‍යංශයීය ප්‍රතිඵල රාමුවල අන්තර්ගත ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමේ වගකීම අදාළ රේඛීය අමාත්‍යංශවල ලේකම්වරුන් වෙත පැවරීමටත් එම කටයුතුවල කාර්යසාධන අධීක්ෂණය කිරීම ජාතික මෙහෙයුම් මැදිරිය වෙත පැවරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.