මෙරෝන් විජේසිංහ අවසන් පූර්ව වටයට

මෙරෝන් විජේසිංහ අවසන් පූර්ව වටයට

2024 මලල ක්‍රීඩා කනිෂ්ඨ ලෝක ශූරතාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ මෙරෝන් විජේසිංහ අද (27) සමත්විය.

ඔහු අද රාත්‍රියේ සහභාගී වූ මූලික වටයේ තරගය තප්පර 10.5 5කින් නිම කරමින් එහි දෙවන ස්ථානය දිනා ගත්තේය.

මේ අතර, එම ඉසව්වේ 06 වැනි මූලික වටයේ තරගයට එක් වූ ශ්‍රී ලංකාවේ දිනෙත් ඉඳුවරට හිමිවුණේ එහි 05 වැනි ස්ථානයයි.

මෙවර ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.