මීනගයා දුම්රියේ ආපනශාලාවට මුද්‍රා තබයි

මීනගයා දුම්රියේ ආපනශාලාවට මුද්‍රා තබයි

මීනගයා දුම්රියේ ආපනශාලාව අධිකරණ නියෝගයක් මත තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගෙන තිබෙයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළඳාම් කිරීම සම්බන්ධයෙන්මෙම තීරණය ගෙන තිබේ.

පසුගිය 22 වැනි දින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ දුම්රියේ ආපන ශාලාව පරීක්ෂාවට ලක් කර තිබුණි

ඒ අනුව මඩකලපුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් පෙබරවාරි 08 වැනි දින දක්වා මීනගයා දුම්රියේ ආපනශාලාව මුද්‍රා තබා ඇති බවයි වාර්තා වන්නේ.

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, අනතුරුව එම ආපනශාලාව තාවකාලිකව වසා තබන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

Share This