මීගොඩ ආර්ථීකයේ මුදල් කොල්ලයට තවත් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට

මීගොඩ ආර්ථීකයේ මුදල් කොල්ලයට තවත් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සැලක තරුණියකට වෙඩි තබා මුදල් කොල්ලකෑමේ සිද්ධියට අධාර අනුබල දීමේ චෝදනාව යටතේ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

එක් සැකකරුවෙකු ගොඩගම ප්‍රදේශයේදීත් අනෙක් සැකකරු හෝමාගම ප්‍රදේශයේ සිල්වර වෙළඳ සැලක් තුළදීත් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 32 සහ 45ක් වයසැති දෙදෙනෙක්.

ඒ අනුව, මෙම සිද්ධියට අදාලව මේ වනවිට 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 12 වනදා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු එහි වෙළඳසැලක සිටි තරුණියකට වෙඩි තබා රුපියල් 45,000කට වැඩි මුදලක් පැහැරගෙන තිබුණි.