නව යෙදුමක් අරගෙන මාර්ක් සකර්බර්ග් වසර 11කට පසු ට්විටර් එයි

නව යෙදුමක් අරගෙන මාර්ක් සකර්බර්ග් වසර 11කට පසු ට්විටර් එයි

ෆේස්බුක් මව් සමාගම වන මෙටා විසින් ට්විටර් සමඟ තරග කරන ත්‍රෙඩ්ස් (Threads) යෙදුම එළිදක්වා තිබේ.

එලොන් මස්ක් ට්විටර් අත්පත් කරගැනීමෙන් පසුව ඇතිවූ ව්‍යාකූල තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා මෙය දියත්කර ඇති බව වාර්තා වේ.

මෙම යෙදුම හරහා ඉන්ස්ටර්ග්‍රෑම් වෙත සම්බන්ධ වීමට ද හැකි බව සඳහන් වේ. එමෙන්ම මෙය ඉන්ස්ටර්ග්‍රෑම් වේදිකාවේම දිගුවක් ලෙස හැඳින්විය හැකිය.

මෙටා සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පැවසුවේ පළමු පැය හතර තුළ ග්‍රාහකයින් මිලියන 5ක් ඒ හා සම්බන්ධ වී ඇති බවය.

මේ අතර මාර්ක් සකර්බර්ග් වසර 11කට පසු අද (06) උදෑසන ට්විටර් වෙත පැමිණ තිබේ.

වසර 11 කට පසුව ට්විටර් වෙත පැමිණි මාර්ක් සකර්බර්ග් කිසිවක් නොපවසා රූපමය සටහනක් පමණක් තබා ගොස් ඇත.

ට්විටර් සමඟ තරඟ වැදීම සඳහා මෙටා සමාගම දියත් කළ ත්‍රෙඩ්ස් අද (06) උදෑසන මහජනයා වෙත මුදා හැර එය සනිටුහන් කිරීම සඳහා මාර්ක් සකර්බර්ග් වසර 11 කට පසුව ට්විටර් වෙත පැමිණ තිබේ.

Share This