මාර්තු මස 21 ගැන දැනුම්දීමක්

මාර්තු මස 21 ගැන දැනුම්දීමක්

සෑම වර්ෂයකම මාර්තු මස 21 වන දිනය ”ජාතික නාවිකයින්ගේ දිනය” වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ශ්‍රි ලංකාවේ දේශිය ආර්ථිකයට නාවිකයින් විසින් ලබා දෙන දායකත්වය ඇගයීම පිණිස ජාතික නාවිකයින්ගේ දිනයක් ප්‍රකාශයට පත් කිරිම යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ.

එමඟින් නාවික වෘත්තිය සඳහා උනන්දුවක් දක්වන්නන් ආකර්ෂණය කර ගැනීම හරහා විදේශ විනිමය ඉපැයීමේ අවස්ථා ඇති කිරීම සහ සමුද්‍රිය අංශයේ සේවාවන් වැඩිදියුණු කිරීම මඟින් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඉහළ නැංවීම මෙහි අරමුණ වී තිබේ.