මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමට මේ අවස්ථාවේ නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි.

මෙරට මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදය අනුව එය ප්‍රායෝගික නොවන බවයි, එහි ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු පැවසුවේ.

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන පක්ෂ නියෝජිතයින් සිදු කරන අදහස් දැක්වීම් හමුවේ මැතිවරණ කොමිසම මේ බව පැවසුවේ ය.

ජනාධිපතිවරණය සඳහා නිකුත් කෙරෙන්නේ මුළු දිවයිනටම එක් නිල ඡන්ද ප්‍රත්‍රිකාවක් පමණයි.

එහෙත් මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික් 22 ක සඳහා ඡන්ද පත්‍රිකා 22 ක් නිකුත් කිරීමට සිදුවන බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම මැතිවරණ දෙකක් එක් අවස්ථාවක පැවැත්වීම හා එහිදි ඡන්දය ප්‍රකාශ කිරිම පිළිබඳ මෙරට ඡන්ද දායකයින්ට නිසි දැනුමක් නොමැති වීමද ප්‍රධාන ගැටලුක් බව මැතිවරණ කොමිසම පැවසුවේ ය.

එමෙන්ම ඇතැම් දේශපාලන පක්ෂ මහ මැතිවරණය සඳහා තරග කළද ජනාධිපතිවරණයේදී ඔවුන් වෙනත් අපේක්ෂකයෙකුට සහය පල කර තරඟ නොකර සිටීම හේතුවෙන්ද යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය හැකියි.

මෙවැනි ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එක් දිනක පැවැත්වීමට මේ අවස්ථාවේ සිදු කළ නොහැකි බවයි, මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එක් දිනක පැවැත්වීම සඳහා මෙතෙක් කිසිදු පාර්ශ්වයක් තමන්ගෙන් ඉල්ලීමක් නොකළ බව මැතිවරණ කොමිසම පැවසීය.