මැතිවරණයට තරඟ කිරීමට සූදානම් – උවිඳු විජේවීර

මැතිවරණයට තරඟ කිරීමට සූදානම් – උවිඳු විජේවීර

තමාගේම දේශපාලන ඔඩිසියක් ආරම්භ කරමින්, පියාගේ සහෘදයන්ගෙන් පැවත එන නව පරපුරේ තරුණ අනුගාමිකයින් පෙළගස්වමින් ඉදිරි මාවතක් සකස් කිරීමට සූදානම් බව රෝහණ විජේවීරගේ වැඩිමහල් පුත් උවිඳු විජේවීර මහතා පවසයි.

රට යහපත් අතට හැරවීමේ දැක්ම, සැලැස්ම සහ හැකියාව තමා සතු බවත්, ජාතියේ ඉරණම යළි හැඩගැස්වීම සඳහා කටයුතු කරන බවත් ඔහු පැවසීය.

තමා රුසියාවේ ලද අධ්‍යාපනය තුළින් සහ බුදු දහම, තම ළමා කාලය තුළින් ලද අත්දැකීම් මත ඉදිරි මැතිවරණය, ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් වුවත්, තරග කරන බව වැඩිදුර අදහස් දක්වමින් උවිඳු විජේවීර මහතා ප්‍රකාශ කර සිටියා.

Share This