ලේල්ලමේ වෙඩි තැබීමේ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

ලේල්ලමේ වෙඩි තැබීමේ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

මීගමුව පමුණුගම මාර්ගයේ ලෙල්ලම අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 12 වනදා එම වෙඩි තැබීම සිදුව තිබුණා.

ඒ සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය ප්‍රවාහනය කර සඟවා තැබීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අවුරුදු 32 හා 40 යන වයස් වල පසුවන බදුවත්ත සහ අම්බලයාය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව සඳහන්.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අපරාධකරුවන් පැමිණි යතුරුපැදිය ද මීගමුව කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.