අවුරුදු 55 සපිරෙන සියලු ශ්‍රමිකයින්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක්

අවුරුදු 55 සපිරෙන සියලු ශ්‍රමිකයින්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක්

වයස අවුරුදු 55 සම්පූර්ණ වූු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදීමට කටයුතු කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර, රජය විසින් නිවේදනය කර ඇති වතු කම්කරුවන්ගේ රුපියල් 1700ක දිනක වැටුප ගෙවීමට අපහසු යම් හාම්පුතෙකු සිටී නම් ඔවුන් විසින් බද්දට ගෙන ඇති රජයේ වතු නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අනතුරුව පවරා ගන්නා ලද වතු දීර්ඝ කාලීන බදු පදනම මත ඒවා නිසි ලෙස කළමනාකරණය කළ හැකි පාර්ශ්වයන්ට ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා නීතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.