මැලේසියාවේ දී ලාංකිකයන් දෙදෙනෙක් තවත් ලාංකිකයන් තිදෙනෙක් ඝාතනය කරලා

මැලේසියාවේ දී ලාංකිකයන් දෙදෙනෙක් තවත් ලාංකිකයන් තිදෙනෙක් ඝාතනය කරලා

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ක්වාලාලාම්පුර් පොලිස් ප්‍රධානී දටුක් අල්ලුදීන් අබ්දුල් මජිඩ් ප්‍රකාශ කර ඇත.

මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනා අවුරුදු 20 ත් 40 ත් අතර පසුවෙන්නන් බවත් මෙම මියගිය තිදෙනාගේ සිරුරු සෙන්තුල් ප්‍රදේශයේ තිබෙන ශ්‍රී ලාංකික යුවළකට අයත් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ නිවසේ තිබී සොයා ගත් බවත් ක්වාලාලාම්පුර් පොලිසිය පවසා තිබේ.

අදාළ නිවස පරීක්ෂා කිරීමේදී එම නිවස කුලියට ගෙන සිටි 40 හැවිරිදි ශ්‍රී ලාංකික යුවළක් විමර්ශන සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම ගොඩනැගිල්ලේ පළමු මහලේ කඩ කාමර තිබෙන බවත් ඉහළ මහලේ නිවස පිහිටා ඇති බවත් පොලිසිය සඳහන් කර ඇත.

මියගිය තිදෙනාගෙන් එක් අයෙකු නිවස අයිති යුවලගේ පුත්‍රයා බවත් අනෙක් දෙදෙනා නිවසේ කුලියට සිටි පුද්ගලයන් දෙදෙනෙකු බවත් ක්වාලාලාම්පුර් පොලිසිය ප්‍රකාශ කර තිබේ.

මළ සිරුරු සොයා ගන්නා අවස්ථාවේදී එම මළ සිරුරු එකිනෙක ගොඩ ගසා තිබූ බවත් එම මළ සිරුරුවල අත් පිටුපසට බැඳ මුහුණ ප්ලාස්ටික් බෑගයකින් ආවරණය කර තිබූ බවත් ක්වාලාලාම්පුර් පොලිසිය පෙන්වා දී ඇත.

ඊයේ (23) සෙන්තුල් දිස්ත්‍රික් පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් ප්‍රධානියා පැවසුවේ, “අල්වාසීන් විසින් ඝාතන පොලිසියට වාර්තා කළේ මෙම ශ්‍රී ලාංකික කුලී නිවැසියන්ගේ නිවසෙන් රණ්ඩුවක් වැනි කෑගැසීම් ඇසීමෙන් පසුව බවය.

“ මේ ශ්‍රී ලාංකික 40 හැවිරිදි යුවළ සහ ඔවුන්ගේ පුත්‍රයා මාස හයක් තිස්සේ මෙම සැකකරුවන් හඳුනන බවත් ඔවුන් පැමිණ සිටියේ ක්ලැංගේ සිට බවත් පැවසේ. මෙම පුද්ගලයින් දෙදෙනා දින දෙකක් ඔවුන්ගේ නිවසේ රැඳී සිටි බවයි වාර්තා වෙන්නේ”

“සැකකරුවන් දෙදෙනා මෙම ඝාතන සැලසුම් කර ඇති බවට පොලිසිය විශ්වාස කරනවා. මෙම ආරවුල පිටුපස ඇති අරමුණ තවමත් විමර්ශනය වෙමින් පවතිනවා.

Share This