අධිකරණයේ තීන්දුව මෛත්‍රී පිළිගනී

අධිකරණයේ තීන්දුව මෛත්‍රී පිළිගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් දයාසිරි ජයසේකර මහතාට අධිකරණය ලබාදුන් තීන්දුව පිළිගන්නා බව පක්ෂයේ හිටපු සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ඒ අනුව, ජයසේකර මහතා සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සූදානම් බවත් සිරිසේන මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, අධිකරණයේ තීන්දුව ගැන සතුටු වන බවත් ඒ අනුව කිසිදු මතභේදයකින් තොරව හිටපු ජනාධිපතිවරයා සමගද පක්ෂය වෙනුවෙන් සිය නොමද කැපවීම ඉදිරියටම සිදුකරන බවය.

අධිකරණයේ තීන්දුව ප්‍රකාර තමාගේ ලේකම් තනතුර සඳහා කිසිවෙකුටත් බාධා කිරීමට නොහැකි බවද හෙතෙම සිහිපත් කළේය.

Share This