අවලෝකිතේශ්වරට මානසික වෛද්‍ය ප්‍රතිකාර

අවලෝකිතේශ්වරට මානසික වෛද්‍ය ප්‍රතිකාර

අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා පෙබරවාරි 07 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත

අවලෝකිතේශ්වර බෝධිසත්ව නමින් පෙනී සිටි පුද්ගලයාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අධිකරණ මනෝ වෛද්‍යවරයා විසින් අධිකරණයට වාර්තා කර තිබෙයි.

සැකකරු ඊයේ අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත රැගෙන ගිය අතර, එහි දී පැය දෙකකට අධික කාලයක් ඔහුගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කර තිබේ.

Share This