කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ට එරෙහි විශ්වාසභංග යෝජනාවකට අත්සන් තබා තිබෙනවා.

කථානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය කළ බව පවසමින් මෙම විශ්වාසභංගය ගෙන ඒමට නියමිතය බවයි වාර්තා වන්නේ .

ශ්‍රේෂ්ඨාධිකරණයේ කොන්දේසි කඩකරමින් ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත අනුමත කිරීම සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් කර තිබේ.

ඊට අමතරව ‍ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව විපක්ෂයට එක් වූ ජී එල් පීරිස්,දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන් සහ පසුගියදා සමගි ජන බලවේගයට සහය පළ කළ ශාන් විජේලාල් යන මන්ත්‍රීවරු සහ චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ද එම විශ්වාසභංග යෝජනාවට අත්සන් කරමින් මෙම අවස්ථාවේ අදහස් දැක්වූහ.

විශ්වාසභංග යෝජනාවට අද (26) දිනයේ අත්සන් තැබීම සිදුකළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දීයි.

Share This