කාවින්ද – වසන්ත යාපා අල්ලස් කොමිසමට

කාවින්ද – වසන්ත යාපා අල්ලස් කොමිසමට

ඖෂධ මාෆියාව ගැන අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලට අනුව අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන ය වසන්ත යාපා යන මන්ත්‍රීවරුන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසමට කැඳවා තිබුණා

එහි විමර්ශනය සඳහා තොරතුරු ඉදිරිපත් කිරීමට කොමිසම විසින් මන්ත්‍රීවරු කැඳවා තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ වසන්තයා පාමන්ත්‍රීවරයා පැවසුවේ ඉන්දියාව වැනි රටවලින් ගන්නා ණය මුදල් වලින් මෙම ඖෂධ ගෙන්වන බවයි.

එම ඖෂධ බාල තත්ත්වයේ තිබෙන විට මහජනතාවට කුමක් සිදුවන්නේ දැඩි ඔහු ප්‍රශ්න කර සිටිනවා

මහජනතාවට අයිති දේපොළ මංකොල්ලකෑමට එරෙහිව මෙම අරගලය සිදු කරන බව ඔහු මෙහිදී පැවසුවා

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලට අනුව මේ වන විට හිටපු සෞඛ්‍ය ඇමතිවරයාත් ලේකම්වරයාත් බන්ධනාගාර ගත කරලයි සිටින්නේ.

මේ ඇමතිවරයා ඇතුළු කණ්ඩායම විසින් කරන ලද වංචා පිළිබඳ සියලු තොරතුරු අප සතුව තිබෙනවා.

මේ විමර්ශනයට අවශ්‍ය සියලුම සහයෝගය අපි ලබා දෙනවා.මීට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන බව අපට හැඟෙනවා එම නිසයි අපි මෙයට සහය දෙන්නේ.

අපි බලාපොරොත්තු වෙනවා වැරදිකරුවන්ට චූදිතයින්ට දඬුවම් ලබාදෙයි කියලා.

Share This