මාදිවෙල මන්ත්‍රී නිවාස වල බිල් නොගෙවූ මන්ත්‍රී 6කට නඩු?

මාදිවෙල මන්ත්‍රී නිවාස වල බිල් නොගෙවූ මන්ත්‍රී 6කට නඩු?

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ගෙවල් කුලී, වතුර බිල් සහ ජල බිල් නොගෙවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනකුට නඩු පවරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් නීතිපති දෙපාර්තමේන්තුවට පසුගියදා දැනුම්දී ඇත.

මෙම මන්ත්‍රීවරු 6 දෙනාම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ කිසියම් කාලයක් රැඳී සිටි අය වෙති.

ඔවුන් මෙසේ ගෙවා නැතැයි පැවසෙන්නේ එම කාලයට අදාළ නිවාස කුලිය, හිඟ විදුලි සහ ජල බිල්පත් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

මෙයට අමතරව එම හිඟ මුදලට දඩ මුදල්ද එකතුවී පවතින බව ඒ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම හිඟ මුදල් ගෙවන ලෙස එම හිටපු මන්ත්‍රීවරුන් හය දෙනාට කාලයක් තිස්සේ දැනුම්දී ඇතත් හිඟ මුදල් ඔවුන් මෙතෙක් ගෙවා නැතැයි දැනගන්නට ඇත.

මේ අනුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් එම හිටපු මන්ත්‍රීවරුන් හය දෙනාට තව නොබෝ දිනකින් නඩු පැවරෙනු ඇත.