තැපැල් ස්ථානාධිපතිනියට මිරිස් කුඩු ගසා මුදල් කොල්ල කන්න ගිය තැත වරදී

තැපැල් ස්ථානාධිපතිනියට මිරිස් කුඩු ගසා මුදල් කොල්ල කන්න ගිය තැත වරදී

කොටවිල මැදකොටවිල උප තැපැල් කාර්යාලයට පැමිණි නාඳුනන පුද්ගලයකු එහි ස්ථානාධිපතිනියට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර එහි තිබූ මුදල් පැහැර ගැනීමේ තැත වැරදී සැකකරු පලාගොස් ඇතැයි කොටවිල පොලිසිය පවසයි.

මුහුණු ආවරණය කර යතුරුපැදියකින් මැද කොටවිල තැපල් කාර්යාලයට ආ සැකකරු කිසියම් ⁣දෙයක් පිළිබඳ තොරතුරු විමසන මුවාවෙන් තැපැල් ස්ථානාධිපතිනියගේ මුහුණට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය කියයි.

එත් සමගම සැකකරු තැපැල් කාර්යාලයට ඇතුළු වී එහි තිබූ මුදල් පැහැර ගැනීමට උත්සාහ කර තිබිණි. එම අවස්ථාවේදී තැපැල් ස්ථානාධිපතිනියගේ දක්ෂතාවය මත ඔහු සමඟ පොරබදා මුදල් පසුම්බිය රැක ගැනීමට සමත්ව තිබේ.

එය රුපියල් හැට දහසකට ආසන්න බව පැවසේ. පසුව සැකකරු යතුරුපැදියකින් පලා ගොස් ඇතැයි සදහන්වේ.

කෙසේ වෙතත් වැලිගම උඩුකාව ප්‍රදේශයේ පදිංචි තැපල් ස්ථානාධිපතිනිය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර කොටවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවයි.

Share This