ලොතරැයි පත්වල මිල ඉහළට

ලොතරැයි පත්වල මිල ඉහළට

ලබන මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයි පතක මිල රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත්, ලොතරැයි අලෙවිකරුවන්ගේ කොමිස් මුදල ඉහළ නැංවීමට එකඟවී නොමැති බව ද සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිත සංගමයේ ලේකම් බී. එස්. එස්. මාරසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව, කොමිස් මුදල ඉහළ නොදමන්නේ නම් ජූලි 7 වන දා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත්වන බවයි, මාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ජාතික ලොතරැයි මණ්ඩලය සඳහන් කළේ, මිල දෙගුණයකින් ඉහළ දැමීමත් සමග ලොතරැයි දිනුම් ඇදීම්වලදී ලබාදෙන ත්‍යාග මුදලද ඊට සමගාමීව ඉහළ නැංවීමට සැළසුම් කර ඇති බවයි.