ගෑස් මිළ සංශෝධනයක්

ගෑස් මිළ සංශෝධනයක්

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහත දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 175කින් අඩු කර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 3,940ක්.

එමෙන්ම කිලෝ 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 70කින්.මිළ අඩුකර තිබෙනවා .එහි නව මිල රුපියල් 1,582ක්.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 740ක් වන අතර, එය අඩු කෙරුණේ රුපියල් 32කින්.