web hit counter
ලිට්‍රෝ ගෑස් මිල පහළට – නව මිල ගණන් මෙන්න

ලිට්‍රෝ ගෑස් මිල පහළට – නව මිල ගණන් මෙන්න

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට තීරණය කළ බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 2,982 ක් වන බවයි, මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මුදිත පීරිස් මහතා කියා සිටියේ.

කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,198ක් වේ.

කිලෝග්‍රෑම් 2.3ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 561ක් වේ.

මෙය ලිට්‍රෝ ගෑස් සමාගම අඛණ්ඩව පහත දැමූ සිව්වන වතාව වන බවත් මුදිත පීරිස් මහතා පැවසීය.

මෙම වසරේ මේ දක්වා අවස්ථා 05 කදී ගෑස් මිල සංශෝධනය කර ඇති අතර ඉන් එක් අවස්ථාවකදී හැර අනෙක් සියලු අවස්ථාවල මිල පහත දමනු ලැබීය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )