ලිට්‍රෝ ගෑස් ආයතනය ගැන රජය ගත්ත තීන්දුව

ලිට්‍රෝ ගෑස් ආයතනය ගැන රජය ගත්ත තීන්දුව

රජයට විශාල ආදායමක් උපයා දෙන ල‍ිට්‍රෝ ගෑස් සමාගම විකිණීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

ඒ සඳහා, Litro Gas Lanka Limited සහ Litro Gas Terminal Lanka (Pvt) Ltd යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට රජය තීරණය කර තිබෙන බව රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය පවසයි.

Litro Gas Lanka Limited හි 99.936% ක කොටෙස් හිමිකාරීත්වය සහ Litro Gas Terminal Lanka (Pvt) Ltd 100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුව පවතී.

Litro Gas Lanka Limited ශ්‍රී ලංකාව තුළ LPG ආනයනය, පිරවීම, බෙදාහැරීම සහ විකිණීමේ නිරත වන අතර 85% ක වෙළඳ පොළකට ඔවුන් හිමිකම් කියන බවයි, වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This