බදු පොලු තැබූ අරක්කු සමාගම් ගැන තීරණයක් ගනී

බදු පොලු තැබූ අරක්කු සමාගම් ගැන තීරණයක් ගනී

පසුගිය 04 වැනිදාට පෙර හිඟ සුරා බදු වාරික නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරන්නැයි මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සුරා බදු දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එසේම එකතු කළ හැකි රුපියල් කෝටි 17,300 ක බදු මුදල් අය කරගැනීමටත් තිරිඟු පිටි සහ සීනි ආනයනයේදී අනිසි ලෙස ලාභ උපයාගත් පාර්ශවවලින් නියමිත බදු අය කර ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් එම කමිටුව නිර්දේශ කර ඇත.

මේ අතර කෝටි දහයක් හෝ ඊට වැඩි හිඟ බදු පවතින ගෙවන්නන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇතත් මේ දක්වාම එය ලබා නොදීම පිළිබඳව කමිටුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේය.