අලින්ට ලේසර් අල්ලා පෙරහැර කඩාකප්පල් කරන සැලසුමක් ඇත්දැයි සොයන්නැයි ඉල්ලීමක්

අලින්ට ලේසර් අල්ලා පෙරහැර කඩාකප්පල් කරන සැලසුමක් ඇත්දැයි සොයන්නැයි ඉල්ලීමක්

අලි ඇතුන්ට ලේසර් කිරණ අල්ලා කුලප්පු කරවා මහනුවර දළදා පෙරහර කඩාකප්පල් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් යොමුකරමින් ඉල්ලීමක් කළේය.

බෞද්ධ පෙරහර කඩාකප්පල් කිරීමට සහ අපහාසයට ලක් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් වසර කිහිපයක සිට ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය වන්නේ යැයිද මන්ත්‍රීවරයා එම ලිපියේ සඳහන් කර ඇත.

මහනුවර දළදා පෙරහැරට විරුද්ධව පසුගිය සමයේදී සමාජ මාධ්‍ය මෙහෙයුමක් පවා ක්‍රියාත්මකවූ බවද චන්න ජයසුමන මහතා පවසයි.

මහනුවර දළදා පෙරහැරේ පෙරහරේ ගමන් ගන්නා අලි ඇතුන් අපහසුතාවයට ලක් කිරීමටඇතැමුන් ලේසර් කිරණ භාවිතා කරන බවට ඇත්ගොව්වන්නන්ද ප්‍රකාශ කර ඇති බවත් අලි ඇතුන් සහ වගා හානි කරන වෙනත් සතුන් පලවා හැරීමට භාවිත කරන ලේසර් කිරණ නිකුත් කරන කුඩා උපකරණ පෙරහරට සති කීපයකට පෙර අලෙවි කිරීමට ඇති බවට ප්‍රචාරක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වූ බවත් ඔහු එම ලිපියෙන් දැනුම්දී ඇත.

එසේම අධි බලය ඇති ලේසර් කිරණ නිකුත් කරන උපකරණ මෙරටට ආනයනය කිරීමට නිසි අවසරයක් ලබාගෙන තිබේද ඒවා ලංකාවට ආනයනය කළේ කවුරුන් විසින්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසද මහාචාර්ය චන්න ජයසුමන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

Share This