ලංවීම සේවය අත්හිටවූ පිරිස 66 දක්වා ඉහළට

ලංවීම සේවය අත්හිටවූ පිරිස 66 දක්වා ඉහළට

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහි ව විරෝධතාවේ නිරත වූ තවත් විදුලි සේවකයන් 51කගේ සේවය අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලෙඩ නිවාඩු දමා විරෝධතා සිදු කිරීමේ චෝදනාවට වැඩ තහනම් කළ ලංවිම සේවකයන් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය දා පැවති උද්ඝෝෂණයේ දී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයන්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බව ඊයේ දිනයේදී එම මණ්ඩලය ප්‍රකාශ කළා.

සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට ලබා දුන් උපදෙස් මත මෙම සේවය අත්හිටුවීම් සිදු කර තිබෙනවා.

Share This