“අත්‍යවශ්‍ය හේතුවකට හැර ලෙබනනයට යන්න එපා” – ඇමති අලි සබ්රි

“අත්‍යවශ්‍ය හේතුවකට හැර ලෙබනනයට යන්න එපා” – ඇමති අලි සබ්රි

අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අමාත්‍යවරයා මෙම දැනුම්දීම සිදුකර තිබේ.

ඒ අනුව, පවතින තත්වය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් අර්බුදය උත්සන්න වුවහොත් එම කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවත් අලි සබ්රි මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එරට තුළ ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ රැඳී සිටින බවද වාර්තා වෙයි.