ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා පවසයි.

ඒ අනුව, පෙර පැවති අයුරින් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරය 3690කටත් කිලෝ ග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරය 1476ක මිලටත් අගෝස්තු මාසයේදීද ලබාදීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Share This