දිස්ත්‍රික්ක 05 කට නායයාම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 05 කට නායයාම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාවත් සමඟ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 05 කට නායයාම් පිළිබඳ පළමු අදියරේ පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ ගාල්ල, කලුතර, කෑගල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්කවලටයි.

ඒ අනුව පහත ප්‍රදේශවලට මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය පහත ප්‍රදේශ සඳහා වලංගු වනවා.

ගාල්ල දිස්ත්‍රික්කය: ඇල්පිටිය හා නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

කළුතර දිස්ත්‍රික්කය:දොඩම්ගොඩ, අඟලවත්ත,මතුගම, වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

කෑගල්ල දිස්ත්‍රික්කය: දෙහිඕවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

මාතර දිස්ත්‍රික්කය: පස්ගොඩ සහ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

රත්නපුර දිස්ත්‍රික්කය: ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

මෙම නිවේදනය පවතින වර්ෂාපතනයේ වෙනසත් සමඟ වෙනස්වීමට ඉඩ තිබෙන බවත් අනෙකුත් ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය නිසා කඳු අශ්‍රිතව ජීවත් වෙන ජනතාව අවධානයෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂක ස්ථානයක් කරා යන ලෙසත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙනවා.

මෙම නායයාම් පිළිබඳ පළමු අදියරේ පුර්ව අනතුරු ඇඟවීම අද රාත්‍රී 10:30 දක්වා වලංගු වනවා.

 

Share This