දවසේ ලග්න පලාපල – 2023 නොවැම්බර් මස 09 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල – 2023 නොවැම්බර් මස 09 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය
1:23 pm – 2:52 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
දකුණ

Qries

මේෂ

තරමක් රාජකාරි බහුලයි. ගමන් බිමන්ද අධික වෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල්වලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් දැකිය හැකි අතර හදිසි ධනලාභ ද දෙයි. පාද ආබාධ සන්ධි රෝග මතුවේ.

Date: 2023-11-09

ජය අංකය: 07
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන් යෙදේ. නවක සබඳතා වර්ධනය වෙයි. තම ඇසුරින් දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. අමතර ලාභ මතු කරයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි.

Date: 2023-11-09

ජය අංකය: 04
ශුභ වර්ණය: අළු
Qries

මිථුන

තරමක් ගමන් බිමන් යෙදේ. ප්‍රීති උත්සව යෙදේ. විනෝදජනක ක්‍රියාවන්හි ද යෙදේ. සතුරු බලපෑම් දමනය කරගැනීමේ ශක්තිය ඇතිවේ. ඉදිරියට යෑමේ ශක්තිය ඇතිවේ. භූමිලාභ මතු කරයි. උගුරේ අමාරු සෙම් රෝග මතු කරයි.

Date: 2023-11-09

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ශුභවාදී ඵලදෙයි. ප්‍රීති සාද වැනි දේවල් යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. පැවැති සබඳතා යහපත් වෙයි. සතුරන් දමනය වෙයි. අතමිට සරුවන ක්‍රියාවන් යෙදෙන විනෝදකාමී දිනකි. සෙම් රෝග, ඌෂ්ණ රෝග මතුවේ.

Date: 2023-11-09

ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍රඵල උදාකරයි. ගමන් බිමන් අධික දිනකි. තම ව්‍යාපාරවල දියුණුව පෙනේ. ක්‍රියාශීලී ලෙසින් ක්‍රියාකරයි. නව නිපැයුම් අරඹයි. සුහදතාව වර්ධන ක්‍රියාවන්හි යෙදේ. සිරස ගත රෝග සාදයි.

Date: 2023-11-09

ජය අංකය: 05
ශුභ වර්ණය: ලා රෝස
Qries

කන්‍යා

ශුභඵල ගෙනදෙයි. ප්‍රීති උත්සවවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. විනෝදජනක කටයුතුවල ද යෙදෙන අතර වැයපස ද ඉහළ යයි. කෘෂිකාර්මික කටයුතුවලින් ජය ලබයි. සෙම් ආසාදන රෝග සාදයි.

Date: 2023-11-09

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ශුභවාදී ඵල මතු කරයි. ප්‍රීති උත්සව යෙදේ. දුරගමන් වලට හේතුයි. විනෝදජනක ක්‍රියාවලද යෙදේ. ප්‍රබෝධමත්ව රැකියාවල යෙදේ. තනතුරු ලාභ ගෙනදෙයි. වාතාධික රෝග සාදයි.

Date: 2023-11-09

ජය අංකය: 09
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රඵල යෙදේ. රැකියා ස්ථානවල පැවැති සතුරු බලපෑම් ඉවත් වෙයි. තම වටිනාකම ප්‍රදර්ශනය වෙයි. නව වැඩකටයුතුවල යෙදේ. ව්‍යාපාරවල දියුණුව පෙනේ. සෙම් ආසාදන රෝග සාදයි.

Date: 2023-11-09

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

තරමක් කාර්ය බහුල දිනකි. අන් අයගේ අවශ්‍යතාවයන් මතද ක්‍රියාකිරීමට සිදුවේ. ප්‍රීති උත්සව සාදවල ද මූලිකව ක්‍රියාකරයි. ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. අම්ලපිත්ත රෝග මතු කරවයි.

Date: 2023-11-09

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා කොළ
Qries

මකර

ගමන් බිමන් යෙදෙන අතර නිශ්ඵල ගමන්ද යෙදේ. රාජකාරි ස්ථානවල කැපී පෙනේ. ප්‍රීති උත්සවසාද වැනි දේවල ද යෙදේ. තෘප්තිමත්ව දවස ගෙවයි. හදිසි ධන ලාභද ලබයි. සිරසගත රෝග මතු කරයි.

Date: 2023-11-09

ජය අංකය: 06
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

අවිවේකී බව ගෙනදෙන දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් බහුල වෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් ද යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට ද සිදුවේ. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

Date: 2023-11-09

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභාශුභ මිශ්‍රඵල උදාකරයි. තම ඥාතී මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. පැවැති සබඳතා වර්ධනය කරයි. මහජන ප්‍රසාදයට පත්වන ක්‍රියා යෙදේ. හදිසි ධනලාභද ලබයි. මුත්‍රා ආසාදන රෝග මතු කරයි.

Date: 2023-11-09

ජය අංකය: 09
ශුභ වර්ණය: කහ
Share This