දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 10 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල – 2023 අගෝස්තු මස 10 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය
1:49 pm – 3:22 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
දකුණ

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල ගෙනදෙන අතර රාජකාරිද බහුල දිනකි. උත්සව සභාවන්හි සහභාගි වෙයි. වැදගත් මිතුදම් වර්ධනය වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. හදිසි ධනලාභ ලබයි. සෙම් රෝග ඌෂ්ණ රෝග මතුකරයි.

Date: 2023-08-10

ජය අංකය: 01
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

තරමක් ගමන් බිමන් බහුල වෙයි. ප්‍රීති උත්සව සාද වැනිදේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. මහජන ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. හදිසි ලාභ ලබයි. ස්නායුගත රෝග මතුකරයි.

Date: 2023-08-10

ජය අංකය: 04
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

රාජකාරි බහුල වෙයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. අලංකාර කටයුතුවලද යෙදෙන අතර වියපැහැදම් අධික වන දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මතද ක්‍රියා කිරීමට සිදුවෙයි. හදිසි රෝග, සන්ධි භග්න වීම් වැනි දේවලට හේතුයි.

Date: 2023-08-10

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

අවිවේකී බව ගෙනදෙන දිනකි. දුරගමන් වලටද හේතුයි. ප්‍රීති උත්සව සාද වලට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් සමඟ ඒකරාශිව ක්‍රියාකරයි. දහමටද අවතීර්ණව ක්‍රියාකාරකම් වල යෙදෙන දිනකි. සිරසගත රෝගවලට හේතුයි.

Date: 2023-08-10

ජය අංකය: 05
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

රාජකාරි ක්‍රියාවන් උනන්දුවෙන් සිදුකරයි. බාධා බලපෑම් සිතට නොගෙන ක්‍රියාකරයි. අලංකාර ක්‍රියා විනෝද ජනක ක්‍රියා ආදියෙහි යෙදේ. තම ඥාති වර්ගයා අතර ප්‍රසාදයට පත්වන දිනකි. ස්නායු ගත රෝග මතු කරයි.

Date: 2023-08-10

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා දම්
Qries

කන්‍යා

ක්‍රියාශීලී දිනකි. තරග තුරග ජයගනී. එල්ල වන බාධා සිතට නොගෙන සෘජුව ක්‍රියාකරයි. ප්‍රීති සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. ප්‍රසාදයට පත්වන කරුණු යෙදේ. අතපය හිරිවැටීම් වේදනා දැනීම් ඇතිවේ.

Date: 2023-08-10

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ශුභාශුභ ඵලදෙයි. ප්‍රබෝධමත්ව රැකියාවන්හි යෙදේ. ව්‍යාපාරවල උනන්දුවෙන් ක්‍රියාකරයි. යහපත් ප්‍රතිඵල ලබයි. ඉඩකඩම් පිළිබඳ ගැටලු යහපත් ලෙස විසඳේ. අමතර ලාභද ලබයි. මුත්‍රා ආසාදන මතු කරයි.

Date: 2023-08-10

ජය අංකය: 07
ශුභ වර්ණය: ලා නිල්
Qries

වෘශ්චික

ගමන් බිමන් තරමක යෙදේ. විදෙස් ගමන් සඳහා උනන්දුවීම මැනවි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් හේතුවෙන් සිත් චංචල වෙයි. ඥාතීන් සමීප වෙයි. හදිසි ධනලාභ දෙයි. හදිසි රෝග කැපුම් කෙටුම් ඇතිවෙයි.

Date: 2023-08-10

ජය අංකය: 09
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

ධනු

ශුභාශුභ මිශ්‍ර ඵලදෙයි. සුහදතා වර්ධන ක්‍රියා පොදු සේවා කටයුතු ආදියෙහි යෙදේ. යටපත්ව තිබූ මිතුදම් වර්ධනය වන කරුණු කාරණාද යෙදේ. හදිසි ගමන් යෙදේ. මුත්‍රා රෝග, මේහ රෝග මතු කරයි.

Date: 2023-08-10

ජය අංකය: 02
ශුභ වර්ණය: කහ
Qries

මකර

අවිවේකී බව ඇති කරයි. ගමන් බිමන් වලදී ප්‍රවේශම මැනවි. දුරස්ථව සිටි ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. හදිසි ලාභ ලැබීම් ඇතිවෙයි. සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි.

Date: 2023-08-10

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ක්‍රියාකාරකම් බහුල වෙයි. ප්‍රීති උත්සව සාද සංවිධානයට හෝ සහභාගිවීමට හේතුයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. නව නිර්මාණකරණයට ශුභයි. උගතුන්ගේ උදව් උපකාර ලබයි. සෙම් කෝප රෝග දෙයි.

Date: 2023-08-10

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. ගමන් බිමන් බහුල වන අතර නිශ්ඵල වියදම් ඇතිවෙයි. ප්‍රීති සාද වලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. මහජන ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. මුඛ රෝග, අර්ශස් රෝග වර්ධනය වේ.

Date: 2023-08-10

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි
Share This